ගෞරවයෙන් සිහිපත් කරමු
බී. ආර්. පාලිත මහතා (නි අධ්‍යාපන අධ්‍යක්ෂ විශ්‍රාමික)
සබරගමුව පළාත් ක්‍රීඩා තුලින් මතුවූ ක්‍රීඩා තරු

රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ක්‍රීඩා ගුරුවරියක වන පද්මා නන්දනී විඡේසුන්දර, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 36 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා කවපෙත්ත ඉසවුවෙන් ඊයේ (31 දා) රන් පදක්‌කම දිනා ගනිමින් අදාළ ක්‍රීඩා තරග ඉතිහාසයේ 19 වැනි වරටත් අඛණ්‌ඩව රන් පදක්‌කම දිනාගත් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්‌ වූවාය.

             ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර කණිටු මලල ක්‍රීඩා සූරතාවලියේ දී දෙවරක්ම අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 100 කඩුතලු දිවීම ඉසව්වෙ වාර්තාව අලුත් කළ රත්නපුර ෆර්ගියුෂන් උසස් බාලිකා විද්‍යාලයේ ඉසෘරා සංදීපනී දයානන්ද යි.
                                                               ඉෂාරා දයානන්ද - මලල ක්‍රීඩා තරගාවලි 4 කදී හොඳම ක්‍රීඩිකාවට(වයස අවුරුදු 20 න් පහළ) හිමි ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය. එම තරගාවලි නම්, කාන්තා මලල ක්‍රීඩා ශූරතාව, ජාතික තරුණ ක්‍රීඩා උළෙල, කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලිය සහ ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට්‌ ප්‍රිමියර් මලල ක්‍රීඩා ශූරතාවයි. ක්‍රීඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද තරගයකදී ඇය ජනප්‍රියතම පාසල් මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූවාය. ජාතික තරුණ ක්‍රීඩා උළෙලේදී 2008 වසරේ සිට 2010 වසර දක්‌වා අඛණ්‌ඩව වසර තුනකදී වයස අවුරුදු 20 න් පහළ කාණ්‌ඩය යටතේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත් වූවාය. සබරගමු පළාත් මලල ක්‍රීඩා උළෙලේදී ඉසව් තුනක (මීටර 100, මීටර 200 කෙටි දුර ධාවන තරගවලදී හා මීටර 100 කඩුලු පැන දිවීමේ තරගයේදී) නව තරග වාර්තා තැබීමට ඇය සමත්වූවාය. වයස අවුරුදු 19 න් පහළ කාණ්‌ඩයේ මෙන්ම එම තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව වූයේ ඇයයි.
මෙවර ක්‍රීඩා උලෙළේ විශේෂත්වය වූයේ ප්‍රථම වතාවට ජනපි‍්‍රයතම මලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව එස්. එම්. එස්. ඡන්දවලින් විමසීමය. මෙහිදී සබරගමුව පළාතේ රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකාවේ පී. ඒ. ඉෂාරා සංදීපනි ජනපි‍්‍රයම ක්‍රීඩිකාවට හිමි සම්මානය සමඟ මුදලින් රුපියල් 125000ක් දිනා ගත්තාය.
දක්ෂතම ක්‍රීඩිකාව කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ එස්. ආර්. ජේ. පබසරා සේනානායක අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අතින් සම්මාන ලැබූ අයුරු. අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක යන මහත්වරුද මෙහි වෙති
සබරගමුව පළාතේ කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහලේ පඹසරා සේනානායක  කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අවසන් වූ 2009 සමස්‌ත ලංකා ක්‍රීඩා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා අතිශූර සම්මාන දිනා ගත්හ.


                                               ශෂිප්‍රභා ජයසිංහ
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් තුන් දිනක්‌ මුළුල්ලේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකව ශ්‍රීමත් ජෝන් ටාබට්‌ ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහලේ ශෂිප්‍රභා ජයසිංහ 2009 වසරේ අතිශූර පාසල් මලල  ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූහ.